Definitely one of the finest historic novels I have read. The author, Mr.Bhadraji Mahinda Jayathiaka has done a tremendous work by creating this amazing story. It also shows how creative and how dexterous he is. Obviously, he has a very good knowaldge about the hitory of our country, Sri Lnaka. But using that knowlade and putting it into a epic novel is a very difficult task. One ust need a very high level of imaginative power to achieve it.
බද්‍රජි මහින්ද ජයතිලක යනු දක්ෂ ශ්‍රී ලාංකිකයෙකි. මා එසේ පවසන්නේ එතුමාගේ දක්ෂතා එක් අංශයකින් පමනක් නොව අංශ ගනනාවක් ඔස්සේ විහිදී යන එකක් නිසාවෙනි. දැනට ඇමරිකාවේ වෙසෙන එතුමා දක්ෂ නවකතාකරුවෙකු, ගීත රචකයේකු මෙන්ම නළුවෙකු ලෙසද තවත් කලා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේද තම දක්ෂතා ප්‍රකට කර ඇත.
බලකොටු හා නෞකා යනු එතුමාගේ කතාන්දර කීමේ හැකියාව මනා ලෙස විදහා දක්වන ඓතිහාසික නවකථාවකි. මෙතෙක් මා කියවා ඇති විශිෂ්ටතම ඓතිහාසික නවකතාව මෙය නොවූවත්, මෙහි ඇති සරල බවට හා ඉදිරිපත්කර ඇති ආකාරයට මා බෙහෙවින් ඇලුම් කරමි. අප මෙතෙක් අසා ඇති ඓතිහාසික සිදුවීම් පෙලක් කතාන්දරයක ආකාරයට, මනා පෙලගැස්මකින් යුක්තව, ප්‍රබන්ධ චරිත කීපයක්ද ඇසුරින්, කියවන්නාගේ විශ්වාසය නොබිඳෙන ලෙසට ඉදිරිපත් කිරීමට මේ නවකතාව සමත් වී ඇත.