මම කියවපු පොත් අතර තියෙන රසවත්ම පොතක් විදියට මේ පොත හඳුන්වලා දෙන්න මම කැමතියි. ගුවන් විදුලිය ගැන, ඒකෙ ඉතිහාසය ගැන වගේම ඒකෙ විකාශනය ගැන හරිම රසවත් තොරතුරු මේ පොතේ ඇතුලත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගුවන් විදුලිය හොල්ලගෙන හිටපු පතාක යෝධයො ගැනත් ගොඩක් රසවත් විත්ති මේ පොතේ ඇතුලත් වෙලා තියෙනවා. සමහර පොත් තියෙනවානෙ කියවන්න පටන් ගත්තහම ඉවර වෙනකම් නවත්වන්න හිතෙන්නෙ නැති; මේකත් අන්න ඒ වගේ හරිම රසවත් පොතක්. ඒ වගේම මේ අපූරු පොත මුද්‍රණය කරල තියෙන්නෙ ගුණාත්මක බවෙන් ඉතාම ඉහල කඩදාසි වර්ගයක්. ඒකත් කියන්නම ඕනෙ. මොකද අද කාලෙ සමහර පොත් කියවද්දිම කැඩිල යනවා. මේ පොත එහෙම නෙමෙයි. අර පිටරට සමහර සඟරා වර්ග මුද්‍රණය කරන ගුණාත්මක බවින් ඉහලම කඩදාසියක තමා මේ පොත මුද්‍රණය කරලා තියෙන්නෙ. කියවලා නැත්නම් අනිවා කියවන්න කියලා බය නැතුව නිර්දේශ කරන්න පුළුවන් පොතක් තමා මේක.
This is one of my most favorite books. Radio mathaka is not a novel. It is more like a autobiogrphy. But there is more. There is also some interesting facts about the radio ceylon itself and radio ceylon's most famous most skilled communicators.
No comments:
Post a Comment