Horror/Mystery books are rare among Sinhala books. This book
is an attempt to fill that gap. I have read many books written under this topic
and honestly, this book is not among my favorite lot. Yet I am grateful to the
author for trying. In fact, there are some plus points as well. With all these and more I am sure that his next attepmt shall be a definite hit.
භද්‍රජි මහින්ද ජයතිලක යනු අපේ කාලයේ සිටින දක්ෂතම ස්වතන්ත්‍ර ලේඛකයෙකි. එතුමාගේ පොත් තුලින් එතුමා සතුව ඇති දැනුම එක් විෂයයකට පමණක් සීමා නොවී විවිධ වී විෂයයන් කෙරේ පැතිරී ඇතිබව මනාව පෙනී යයි. එතුමා අතින් ලියවුණු පොත් කිහිපයක් මා කියවා ඇතත්, අත්භූත නැතහොත් හොල්මන් හා අමනුෂ්‍ය බලවේගයන් පිළිබඳව එතුමා ලියූ පොතක් මා කියවූයේ මේ පළමු වතාවටය.
පොතේ පිටකවරය හා මාතෘකාව ඉතාම සිත් ඇඳ බැඳ ගන්නා සුළු නමුත් අන්තර්ගත කථාව පිළිබඳවනම් මා තුල එතරම් පැහැදීමක් ඇති නොවූ වග පළමුවෙන්ම කිව යුතුය. කථාව කියවා අවසානයේ මට සිතුනේ එහි ඇති හොල්මන් කථාව, අවස්ථා සම්බන්ධය දුර්වල සිදුවීම් කිහිපයක් එකතුකර සැදූ යම් කිසිවක් බවයි. එසේම එය මා තුලනම් කිසිදු බියක් ඇති කලේද නැත. එයනම් මා සතු යම් අඩුපාඩුවක් නිසා වීම්ක් නිසා ඇති වූ තත්වයක් වීමට ද හැක.
අවසාන වශයෙන් කීමට ඇත්තේ භද්‍රජි මහින්ද වැනි ලේඛක මහතුන්ගෙන් අප මීට වැඩියමක් බලාපොරොත්තු වන බවයි. එතුමාට ඒ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය නොඅඩුවම ලැබේවා!
No comments:
Post a Comment