Thursday, July 18, 2019

Road to the stars by Yruri Gagarin .....තරු මගට පිවිසුනෙමි (චූලානන්ද සමරනායක)



Who is Yuri Gagarin? In fact he is the first man to journey into the outer space. He is also a Russian pilot and a national hero in Russia. This is his story told by his own words. His life path was not an easy one. Yet he had the courage to achive his goals and to win the world. We all have something to learn from his story.

යූරි ගගාරින් කියන්නෙ කවු ද? කියල ඇහුවොත් අපි ගොඩක් අය ඒකට උත්තරේ දන්නවා. ඔහු තමා අභ්‍යවාකාශයට ගිය පලමු මිනිසා. (හඳට නොවේ.). හැබැයි යූරි ගගාරීන්ට වඩා අපි අතරෙ ජනප්‍රිය නීල් ආම්ස්ට්‍රෝංග්. මොකද ඔහු තමා පලමුවරට හඳ මත පා තබපු මිනිසා විදියට ඉතිහාසයට එක්වෙලා තියෙන්නෙ.

කොහොම උනත්, යූරි ගගාරින් කියන්නෙ නීල් ආම්ස්ට්‍රෝංග් තරමටම හෝ සමහර විට ඊටත් වැඩියෙන් මිනිසාගේ ගමන්මග වෙනස් කරපු කෙනෙක්. මොකද ඔහු තමා මුල්වරට ඔප්පු කරලා පෙන්නුවෙ මිනිසෙකුට අභ්‍යාවකාශය ජයගත හැකියි කියන එක.

මොහු රුසියානු ජාතිකයෙක්. ඒ වගේම අති දක්ෂ ගුවන් නියමුවෙක්. රුසියාවේ ජාතික වීරවරයෙක් වගේම ලෝකයම ආදරය කරන පුද්ගලයෙක්.ඒ වගේම මොහු වරක් ලංකාවටත් ඇවිත් තියෙනබව කියවෙනවා.



මම අද ඔයාලට ඉදිරිපත්කරන පොත ඔහු විසින් රචනාකරන ලද ඔහුගේ ස්වයං චරිතාප්‍රදානයේ සිංහල පරිවර්ථනය කිව්වොත් වඩාත් නිවරදි වෙනවා. කොහොම උනත් මේ පොතේ ඔහුගේ ජීවිතයේ සැඟවුනු එහෙම නැත්නම් කළු පැත්ත දක්වලා නැහැ. ඒක අඩු පාඩුවක්ම නෙමෙයි. හැබැයි මේ චරිතය ගැන මේ පොතේ තියෙන කරුණු පුද්ගලයෙකුට ලෝකය ජයගන්න පැහැදිලිවම ඉවහල් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නෙ මේ පොත කියවීමෙන් අපට, කැපවීම, අධිෂ්ඨානය හා මනා පුහුණුව තුලින් කෙනෙකුට කොච්චරනම් දුරක් යන්න පුළුවන්ද කියන එක මනාව ඔප්පුවෙන නිසා.

ඒ වගේම අපි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ජීවිතය ගැන කියවන්න, දැනගන්න ආසාකරන කරුණු ගොඩකුත් මේ පොතේ අන්තර්ගතයි. අර රුසියාවයි, ඒකෙ විශිෂ්ඨත්වයයි ගැන කියවෙන හෑලි ටිකනම් කියවන්න ටිකක් බෝරිං. නමුත් අඩංගු අනිකුත් කරුණු එක්ක සංසන්දනය කරද්දි ඒ කොටසට 100%ක් සමාව දෙන්න අපට පුළුවන්.




Sunday, July 7, 2019

Steve Jobs (අපූරු මිනිහෙක්) by මහින්ද හත්තක




Steven Paul Jobs or Steve Jobs was the CEO and the Co-founder of Apple inc. Not only that, he  was also one of the leading investors in America. His life was short. But during his 56 years he was able to turn our world upside down. Studying his life is such an interesting exercise. 


This book is actually a hand book to start that exercise. It contains almost all known and unknown facts about the life of this great person. 




ස්ටීව් ජොබ් කිව්වහම අපිට මතක් වෙන්නෙ මොකක් ද ? ඇත්ත්ටම අපි ගොඩක් අයට මතක් වෙනවා ආ මේ අර ඇපල් කම්පියුටර් එක හදපු එක්කෙනානෙ වගේ ඇපල් සමාගමට සම්බන්ධ යම්කිසි දෙයක්. හැබැයි මේ අපූරු පුද්ගලයා ඒ තත්වයට ආවෙ කොහොම ද? මෙයා ඇත්තටම මොනවගේ කෙනෙක් ද? මෙයාගෙන් අපිට ගන්න පූළුවන් ආදර්ශ මොනව ද වගේ දේවල්වලට අපි ගොඩක් අයට පැහැදිලි පිළිතුරක් නෑ.

ඇත්තටම ඇයි අපිට මේ ස්ටීව් ජොබ් වගේ කෙනෙක්ගේ ජීවිත කතාව අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ ප්‍රධානම දේ තමා කොහොමද මේ පුද්ගලයාගෙන් නව නිපැයුම්කරුවෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ලෝකයම ජයගන්න පුළුවන් පෞර්ෂයක් සහිත පුද්ගලයෙක් බිහිවුනේ කොහොමද කියන එක ගැන අපිට වටහාගන්න පුළුවන් වෙන එක.

අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී කිය කිය හිටියට, අල්පෙනෙත්තක තරම් දෙයක්වත් හදාගන්න බැරිවෙලා කෙමෙන් කෙමෙන් වඳවී යන ජාතියක් වෙලා ඉන්න අපිට වැරදිලා තියෙන්නෙ කොතැන ද කොහොමද ඒකට පිළියම් යෙදිය යුත්තෙ වගේ දේවල් වලට උනත් සාර්ථක විසඳුම් සොයා ගන්න, පේටන්ට් බලපත්‍ර 200කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන මේ ජොබ්ස් මහත්මයාගේ චරිත කතාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරොත් අපිට පුළුවන් වෙනවා.

ඉතිං මේ අපූරු පුද්ගලයාගේ චරිත කතාව සිංහල භාෂාවෙන් අපිට ඉදිරිපත් කරන්නෙ මහින්ද හත්තක කියන ලේඛක මහතා. එතුමා ඉතාම සාර්ථකව හා මනා සංයමයකින් යුක්තව, හොඳ ගැලපීමක් සහිතව මේ පොත අපිට ඉදිරිපත්කරලා තියෙනවා.

චරිත කථා රස විඳින සිංහල පාඨකයන්ට කියවන්න මේ පොත ඉතාම උචිත පොතක් විදියට මම බය නැතුව නිර්දේශ කරනවා. එසේම මේ පොත කියවලා, ස්ටීව් මහතාගේ චරිතයෙන් යමක් උකහාගෙන තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාල හැමෝටම හැකියාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.