Steven Paul Jobs or Steve Jobs was the CEO and the Co-founder of Apple inc. Not only that, he was also one of the leading investors in America. His life was short. But during his 56 years he was able to turn our world upside down. Studying his life is such an interesting exercise.
This book is actually a hand book to start that exercise. It contains almost all known and unknown facts about the life of this great person.
ස්ටීව් ජොබ් කිව්වහම අපිට මතක් වෙන්නෙ මොකක් ද ? ඇත්ත්ටම අපි ගොඩක් අයට මතක් වෙනවා ආ මේ අර ඇපල් කම්පියුටර් එක හදපු එක්කෙනානෙ වගේ ඇපල් සමාගමට සම්බන්ධ යම්කිසි දෙයක්. හැබැයි මේ අපූරු පුද්ගලයා ඒ තත්වයට ආවෙ කොහොම ද? මෙයා ඇත්තටම මොනවගේ කෙනෙක් ද? මෙයාගෙන් අපිට ගන්න පූළුවන් ආදර්ශ මොනව ද වගේ දේවල්වලට අපි ගොඩක් අයට පැහැදිලි පිළිතුරක් නෑ.
ඇත්තටම ඇයි අපිට මේ ස්ටීව් ජොබ් වගේ කෙනෙක්ගේ ජීවිත කතාව අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ ප්‍රධානම දේ තමා කොහොමද මේ පුද්ගලයාගෙන් නව නිපැයුම්කරුවෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ලෝකයම ජයගන්න පුළුවන් පෞර්ෂයක් සහිත පුද්ගලයෙක් බිහිවුනේ කොහොමද කියන එක ගැන අපිට වටහාගන්න පුළුවන් වෙන එක.
අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී කිය කිය හිටියට, අල්පෙනෙත්තක තරම් දෙයක්වත් හදාගන්න බැරිවෙලා කෙමෙන් කෙමෙන් වඳවී යන ජාතියක් වෙලා ඉන්න අපිට වැරදිලා තියෙන්නෙ කොතැන ද කොහොමද ඒකට පිළියම් යෙදිය යුත්තෙ වගේ දේවල් වලට උනත් සාර්ථක විසඳුම් සොයා ගන්න, පේටන්ට් බලපත්‍ර 200කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන මේ ජොබ්ස් මහත්මයාගේ චරිත කතාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරොත් අපිට පුළුවන් වෙනවා.
ඉතිං මේ අපූරු පුද්ගලයාගේ චරිත කතාව සිංහල භාෂාවෙන් අපිට ඉදිරිපත් කරන්නෙ මහින්ද හත්තක කියන ලේඛක මහතා. එතුමා ඉතාම සාර්ථකව හා මනා සංයමයකින් යුක්තව, හොඳ ගැලපීමක් සහිතව මේ පොත අපිට ඉදිරිපත්කරලා තියෙනවා.
චරිත කථා රස විඳින සිංහල පාඨකයන්ට කියවන්න මේ පොත ඉතාම උචිත පොතක් විදියට මම බය නැතුව නිර්දේශ කරනවා. එසේම මේ පොත කියවලා, ස්ටීව් මහතාගේ චරිතයෙන් යමක් උකහාගෙන තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාල හැමෝටම හැකියාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
No comments:
Post a Comment