Who is Yuri Gagarin? In fact he is the first man to journey into the outer space. He is also a Russian pilot and a national hero in Russia. This is his story told by his own words. His life path was not an easy one. Yet he had the courage to achive his goals and to win the world. We all have something to learn from his story.
යූරි ගගාරින් කියන්නෙ කවු ද? කියල ඇහුවොත් අපි ගොඩක් අය ඒකට උත්තරේ දන්නවා. ඔහු තමා අභ්යවාකාශයට ගිය පලමු මිනිසා. (හඳට නොවේ.). හැබැයි යූරි ගගාරීන්ට වඩා අපි අතරෙ ජනප්‍රිය නීල් ආම්ස්ට්‍රෝංග්. මොකද ඔහු තමා පලමුවරට හඳ මත පා තබපු මිනිසා විදියට ඉතිහාසයට එක්වෙලා තියෙන්නෙ.
කොහොම උනත්, යූරි ගගාරින් කියන්නෙ නීල් ආම්ස්ට්‍රෝංග් තරමටම හෝ සමහර විට ඊටත් වැඩියෙන් මිනිසාගේ ගමන්මග වෙනස් කරපු කෙනෙක්. මොකද ඔහු තමා මුල්වරට ඔප්පු කරලා පෙන්නුවෙ මිනිසෙකුට අභ්‍යාවකාශය ජයගත හැකියි කියන එක.
මොහු රුසියානු ජාතිකයෙක්. ඒ වගේම අති දක්ෂ ගුවන් නියමුවෙක්. රුසියාවේ ජාතික වීරවරයෙක් වගේම ලෝකයම ආදරය කරන පුද්ගලයෙක්.ඒ වගේම මොහු වරක් ලංකාවටත් ඇවිත් තියෙනබව කියවෙනවා.
මම අද ඔයාලට ඉදිරිපත්කරන පොත ඔහු විසින් රචනාකරන ලද ඔහුගේ ස්වයං චරිතාප්‍රදානයේ සිංහල පරිවර්ථනය කිව්වොත් වඩාත් නිවරදි වෙනවා. කොහොම උනත් මේ පොතේ ඔහුගේ ජීවිතයේ සැඟවුනු එහෙම නැත්නම් කළු පැත්ත දක්වලා නැහැ. ඒක අඩු පාඩුවක්ම නෙමෙයි. හැබැයි මේ චරිතය ගැන මේ පොතේ තියෙන කරුණු පුද්ගලයෙකුට ලෝකය ජයගන්න පැහැදිලිවම ඉවහල් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නෙ මේ පොත කියවීමෙන් අපට, කැපවීම, අධිෂ්ඨානය හා මනා පුහුණුව තුලින් කෙනෙකුට කොච්චරනම් දුරක් යන්න පුළුවන්ද කියන එක මනාව ඔප්පුවෙන නිසා.
ඒ වගේම අපි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ජීවිතය ගැන කියවන්න, දැනගන්න ආසාකරන කරුණු ගොඩකුත් මේ පොතේ අන්තර්ගතයි. අර රුසියාවයි, ඒකෙ විශිෂ්ඨත්වයයි ගැන කියවෙන හෑලි ටිකනම් කියවන්න ටිකක් බෝරිං. නමුත් අඩංගු අනිකුත් කරුණු එක්ක සංසන්දනය කරද්දි ඒ කොටසට 100%ක් සමාව දෙන්න අපට පුළුවන්.
No comments:
Post a Comment