Tuesday, May 7, 2019

Ikaras punaragamanaya..ඉකරස් පුණරාගමනය




ඉකරස් පුනරාගමනය පොත පිළිබඳ කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ මෙය මා එතෙක් මෙතෙක් කියවා ඇති ඉතාම නීරස පොත් වලින් එකක් බවයි. එය කෙතරම් නීරසද යත් මා කීපවරක් උත්සාහ දැරුවත්, මෙම පොත සම්පූර්ණයෙන්ම කියවා නිම කිරීමටවත් මට සිත එකඟ කරවා ගැනීමට නොහැකි විය. කියවීමට ගත් පොතක්, මා විසින් මෙලෙස අතරමඟදී බැහර කර දැමූයේ සෑහෙන කාලයකට පසුවය. සමහර විට ඉකරස් පුණරාගමනය කියවා තේරුම් ගැනීමට තරම් මා උගතෙකු හෝ බුද්ධිමතෙකු නොවනවා විය හැක.  එනිසාම මා ඔබට යෝජනා කරන්නේ මේ  පොත කියවාම  එහි ගුණාගුණ පිළිබඳව නිගමනයකට පැමිණීම වඩාත් සුදුසු බවයි. 

කෙසේ නමුත්, විද්‍යා ප්‍රබන්ධයක් වන මේ කෘතිය නිර්මාණය කිරීමට ගත් උත්සාහය පිළිබඳව මම මාගේ හදපිරි ගෞරවය මෙහි කතුවරයාට පිරිනැමීමට කැමැත්තෙමි. ඒ සිංහල නවකතා සාහිත්‍යය තුල ස්වතන්ත්‍ර නිර්මාණලෙසට බිහි වී ඇති විද්‍යා ප්‍රබන්ධ කෘතීන් සංඛයාව ඉතා අල්ප බැවිණි. එම අඩුව පිර වීමට මෙහි කතුවරයා ගෙන ඇති උත්සාහය මා ඉතා ඉහලින් අගය කරමි.  එසේම, මෙම කෘතියේ කතුතුමාට තවතවත් විද්‍යා ප්‍රබන්ධ කෘතීන් රචනා කිරීමට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවායයි කියා ද මම පතමි. 

"Ikaras punaraagamanaya" is a scince fiction, written by Susitha Ruwan. Generally, this is a very boring book to read. In fact, I was unable to finish reading this book not only once but several more times. 




No comments:

Post a Comment