This book contains a collection of stories about the legandry King Arthur and his brave set of Knights. Actually this is a sinhala translation. The author of this book is Mr. Kumara Siriwardhana. He is one of the most famous writers in Sri Lanka.
This is definitely a very well written book. Some stories are a little boring but that does not change the fact that this is a readable book. Almost all the charactors in here are very famous but legendry charactors. This book will help you to understand their destinies in the legendry world.
මේ පොතේ නම් දෛවයේ අසිපතයි. ඒ ගැන යමක් පවසන්නට පෙර මා කැමතියි ආතර් රජු හා ඔහුගේ වට මේසයේ නයිට්වරුන් (King arthur and his knights of the round table) ගැන යමක් පවසන්නට.
මේ කියන ආතර් රජු ඇත්ත කෙනෙක් ද? ඒක තමා මේ පොත කියවද්දි මගෙ හිතට ආපු පලවෙනි ප්රශ්ණෙ. මම හොයා ගත්ත කරුණුවලට අනුව පෙනී යන්නෙ මොහු අතීතයේ ජීවත්වෙලා හිටපු යම්කිසි යුධ නායකයෙකු හෝ කිහිප දෙනෙකු මුල්කරගෙන මිනිසුන් විසින් ගොඩ නඟපු කල්පිත චරිතයක් කියන එක. ඒ වගේම තමා මේ නයිට්වරුනුත්. මේ කියවෙන චරිතත් ගොඩ නැගෙන්න මුල් වෙච්චි යම් යම් චරිත ඈත අතීතයේදී ජීවත්ව ඉන්න ඇති; නමුත් ඒවා ගැන හරියටම කියවෙන මූලාශ්රයක් මේ වෙනකොට ඉතිරිවෙලා නෑ.ඉතිරිවෙලා තියෙන්නෙ මේ චරිතවටා ගොඩ නැගිච්චි ප්රබන්ධ කථා මහත් රාශියක් විතරයි.
ඇත්තටම මේ ආතර් රජුත් ඔහුගේ නයිට්වරුනුත් වටා ගොඩනැගිල තියෙන විවිධාකාර වීර කථා කියලා ඉවරකරන්න බැරිතරම් මහ ගොඩක් තියෙනබව පෙනී යනවා. ඈත අතීතයේ හිටපු කථා ගොතන්නන්ට අමතරම මෑත කාලයේ හිටපු හා දැනටත් ඉන්න කථාන්දර කියන්නොත් මේ අපූරු චරිත තමන්ගෙ ප්රබන්ධ වලට මනාව ගලපාගන්න බවක් පෙනී යනවා.
අපි අද මේ කථා කරන දෛවයේ අසිපත කෘතියට මූලිකවෙලා තියෙන්නෙත් මෙන්න මේ කියන ආතර් රජු හා ඔහුගේ සූර වීර සෙන්පතිවරුනුත් ගැන කියවෙලා තියෙන ප්රබන්ධ ගනනාවක එකතුවක්. මේ කෘතියේ රචකයාවන කුමාර සිරිවර්ධන මහත්මයා මේ කියන ප්රබන්ධ ආතර් රජුගේ අවසානය දක්වාම මනාව පෙලගස්වා තිබෙනවා. එහිදී ඔහු දායක කරගත් මූලාශ්ර පිලිබඳවත් සඳහන් කරන්න ඔහු අමතක කරලා නැහැ.
කොහොම උනත් මේ කෘතිය ත්රාශය, භීතිය, ශෘංගාරය වගේම කුතුහලයත් කැටිකරගත්තු කියවන්න සුදුසු පොතක් විදියට පෙනී යනවා. සමහර කතානම් රසයෙන් තරමක් අඩුයි වගේම කියවන්න ටිකක් කම්මැලියි; නමුත් සමස්තයක් විදියට පොත කියවීමේ රසය විඳගන්න ඒකෙන් ලොකු බාධාවක් එල්ල වෙන්නෙ නෑ.
මේ කෘතියේ අඩංගු කතා මුල්කරගෙන නිපදවෙච්චි රූපවාහිනී මාලා නාටකයකුත් විකාශනය වෙච්චිබව මේ කෘතියේ සටහන් වෙනවා. ඒකනම් මම බලලා නෑ. ඒක බලපු අයට මේ පොත තවත් රසවත් වේවි කියලා මම හිතනවා.
No comments:
Post a Comment