Sherlock Holmes is the most famous detective in the world. Even tough he is a fictitious character, created by British author Sir Arthur Conan Doyle, he is as real as you and me for many people in the world. Sherlock Holmes is not just a detective, according to him he is a detective consaltant who goes after mysteries which are too difficult to solve for other detectives, specially in the police.
This book also contains a story of a mystery solved by Sherlock holmes. This book is written in sinhala and in fact is a sinhala translation done by Mr. Chandana Mendis. Indeed it is a good story. Definitely a readable one. It contains almost all the qualities of a typical Sherlock Holmes book.
ෂර්ලොක් හෝම්ස් යනු ලෝකය පුරාම විසිර සිටින රහස් පරීක්ෂක කථා රසිකයන්ගේ ප්රධානතම වීරයා යි. ෂර්ලොක් හෝම්ස් නම් වූ මේ අසහාය රහස් පරීක්ෂකවරයාව ලෝකයට හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමිවනුයේ ආතර් කොනොන් ඩොයිල් නම් වූ අසහාය ලේඛකයාටයි. එතුමා මෙම අසහාය රහස් පරීක්ෂකවරයා හඳුන්වාදෙමින් කලා ලෝකයට සිදුකල අමිල මෙහෙවර නිසාම නයිට් පදවියකින් ද පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වී ඇත.
කොනන් ඩොයිල් මහතා නිර්මාණය කල රහස් පරීක්ෂක ෂර්ලොක් හොම්ස්, වෙනත් නිර්මිත රහස් පරීක්ෂකයන්ගෙන් වෙනස් වන්නේ හා රසික හදවත්හි සදානුස්මරණීය ලෙසට තැන්පත් වන්නට සමත් වන්නේ, ඔහු විසින් එම පරීක්ෂණයන් මෙහෙයවීමට භාවිතා කරන අතිශය සියුම් හා අතිශය තර්කානිකූල වූ සුවිශිෂ්ට ක්රමයන් නිසාය. එවැනි ක්රමෝපායන් තබා ඒ අසලටවත් ලඟාවියහැකි ක්රමෝපායන් භාවිතාකරන රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කිරීමට එතෙක් මෙතෙක් කිසිදු රහස් පරීක්ෂක කථා රචකයෙකු අසමත්ව සිටින බව ඉඳුරාම පැවසිය හැක.
එවන් අසහාය රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කල, සර් ආතර් කොනොන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කථා සියල්ල පිලිවෙලකට හා ඉතාම ඉහලින් රස විඳිය හැකි ලෙසට අපට, එනම් ශ්රී ලාංකික පාඨකයන්ට හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ චන්දන මෙන්ඩිස් මහතාටය.
විකිපීඩියාවට අනුව (https://en.wikipedia.org/wiki/Sherlock_Holmes) ආතර් කොනොන් ඩොයිල් මහතා ෂර්ලොක් හෝම්ස් චරිතය මූලික කොටගෙන දීර්ඝ නවකතා 4ක් හා කෙටි කථා එකතූන් 5ක් නිර්මාණය කර ඇත. නමුත් අපේ චන්දන මෙන්ඩිස් මහතා අප වෙත එම ප්රමාණය ඉක්මවූ ෂර්ලොක් හෝම්ස් කතා ප්රමාණයක් වෙත ඉදිරිපත්කර ඇත. මා ඒ පොත් සියල්ලම කියවා ඇතිබව මාගේ හැඟීමයි. ඒවායින් බොහොමයක් බොහෝදුරට, ෂර්ලොක් හෝම්ස් චරිතය සතු සියුම් බව, තර්කන හැකියාව නොනසා පවත්වාගෙන ඇතිබවක් ද පෙනී යයි. මෙම කතා චන්දන මෙන්ඩිස් මහතාට ලැබුනේ කෙසේ ද කියා හෝ ඒවා ඇත්ත වශයෙන්ම කොනොන් ඩොයිල් මහතාගේම නිර්මාණ දැයි මම නොදනිමි. කෙසේ නමුත් මා සිතන්නේ ඒවා ෂර්ලොක් හෝම්ස් මුල් කෘතීන් ඇසුරු කොට ගනිමින් වෙනත් කතුවරුන් විසින් සිදුකල නිර්මාණ බවයි.
චන්දන මෙන්ඩිස් මහතා අප වෙත ඉදිරිපත් කරන "මාරක සටන" එනම් මේ පොත මා කිය වූ අළුත්ම ෂර්ලොක් හෝම්ස් පොතයි. මෙය ඉතාම සාර්ථක ෂර්ලොක් හෝම්ස් කථාවක් නොවුනත්, තරම්ක් දුරට කුතුහලය රඳවාගැනීමට සමත්, එක දිගට කියවමින් රසවිඳිය හැකි මට්ටමේ පවතින කෘතියක් බව මාගේ හැඟීමයි. මෙහිදී අපට "බැස්කර්විල් දඩ බල්ලා" කථාවේ එන "මේපල්ටන්" නමැති දුෂ්ඨයා නැවත හමුවන අතර, කථාව ද යම්තාක් දුරකට, බැස්කර්විල් දඩ බල්ලා කතාවට සමානකම් දක්වයි. කෙසේ නමුත් බැස්කර්විල් දඩ බල්ලා කථාවේ ඇති අති විශිෂ්ඨ රහස් පරීක්ෂක ගතිය මෙහි නොමැතිබව මට හැඟේ. විශේෂයෙන් කතාවේ පසු බාගයේදී තරමක් දිරට දියාරු වී ගිය ස්වරූපයක් මට දැනුනි. කෙසේ නමුත්, මෙය ඉතාම දුර්වල කථාවක් නම් නොවන වගද පැවසිය යුතුමය. ෂර්ලොක් හෝම්ස් කතා එලි දක්වන තෙක් දෑස් දල්වා බලා සිටින මා වැනි රසිකයන්ටනම් මෙය වනාහි ඉඩෝරයට වට වැස්සක් මෙන් සිතට සිසිලස හා සුවය ගෙනදෙන නිර්මාණයකි.
Pdf නැද්ද
ReplyDeletepdf nadda?
ReplyDeletePdf nedda ane meke
ReplyDeletegrsfdgh
ReplyDeletePdf nadda
ReplyDelete