Tuesday, August 13, 2019

බඹරවිලේ හොල්මන (Bambarawile Holmana) by භද්‍රජි මහින්ද ජයතිලක..



Horror/Mystery books are rare among Sinhala books. This book is an attempt to fill that gap. I have read many books written under this topic and honestly, this book is not among my favorite lot. Yet I am grateful to the author for trying. In fact, there are some plus points as well. With all these and more I am sure that his next attepmt shall be a definite hit.

භද්‍රජි මහින්ද ජයතිලක යනු අපේ කාලයේ සිටින දක්ෂතම ස්වතන්ත්‍ර ලේඛකයෙකි. එතුමාගේ පොත් තුලින් එතුමා සතුව ඇති දැනුම එක් විෂයයකට පමණක් සීමා නොවී විවිධ වී විෂයයන් කෙරේ පැතිරී ඇතිබව මනාව පෙනී යයි. එතුමා අතින් ලියවුණු පොත් කිහිපයක් මා කියවා ඇතත්, අත්භූත නැතහොත් හොල්මන් හා අමනුෂ්‍ය බලවේගයන් පිළිබඳව එතුමා ලියූ පොතක් මා කියවූයේ මේ පළමු වතාවටය.

පොතේ පිටකවරය හා මාතෘකාව ඉතාම සිත් ඇඳ බැඳ ගන්නා සුළු නමුත් අන්තර්ගත කථාව පිළිබඳවනම් මා තුල එතරම් පැහැදීමක් ඇති නොවූ වග පළමුවෙන්ම කිව යුතුය. කථාව කියවා අවසානයේ මට සිතුනේ එහි ඇති හොල්මන් කථාව, අවස්ථා සම්බන්ධය  දුර්වල සිදුවීම් කිහිපයක් එකතුකර සැදූ යම් කිසිවක් බවයි. එසේම එය මා තුලනම් කිසිදු බියක් ඇති කලේද නැත. එයනම් මා සතු යම් අඩුපාඩුවක් නිසා වීම්ක් නිසා ඇති වූ තත්වයක් වීමට ද හැක.

අවසාන වශයෙන් කීමට ඇත්තේ භද්‍රජි මහින්ද වැනි ලේඛක මහතුන්ගෙන් අප මීට වැඩියමක් බලාපොරොත්තු වන බවයි. එතුමාට ඒ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කිරීමට අවශ්‍ය ශක්තිය හා දහිරිය නොඅඩුවම ලැබේවා!





Sunday, August 4, 2019

The french lover (ප්‍රංශ පෙම්වතා) by ශමෙල් ජයකොඩි...




This is a Sinhala novel written by Shamel Jayakody. It tells us a story about a young man who went to France from Sri Lanka. But it is not only his story. It is the story of most of the people who went to other developed countirs to have a better life. The story is simple, heart touching and simly represent a portion of our socity which is not properly explored up until now. 

ශමෙල් ජයකොඩිගේ ප්‍රංශ පෙම්වතා නව කතාව ඇත්තෙන්ම නව තාලයේ නව කතාවකි. එහි කතා පුවත එක්තරා ආකාරයකට ශ්‍රී ලාංකිකයන් වන අපට අමුතුය. නමුත් එහි චරිත ශ්‍රී ලාංකිකයන් වන නිසා හදවතට සමීප බවකුත් නොදැනෙනවා නොවේ. 



මට සිතෙන්නේ එක් රටක සිට තවත් රටකට, වෙනස්ම සංස්කෘතියක් වෙතට තල්ලුවෙන ඕනෑම පුද්ගලයකුගේ ඉරණමේ එක්තරා පැතිකඩයක් මෙම කෘතියෙන් නිරූපණය වන බවයි. ඔහු හෝ ඇය අයත්ව තිබූ සංස්කෘතිය හා පරිසරයත්, ඔහුට හෝ ඇයට අළුතින් හමු වී ඇති සංස්කෘතිය හා පරිසරයත් එක්ව මුහුන් සත්වයෙකු බිහි කරයි. එම සත්වයා මෙම සංස්කෘතීන් දෙකෙහිම සංකලනයක් වන අතරම ඒ එකකටවත් අයත් නොවන අතරමැදියෙකු බවට පත් වේ. එක් එක් තැනැත්තාගේ හෝ තැනැත්තියගේ පෞර්ෂයට අනුව එම තැනැත්තා හෝ තැනැත්තිය එක් එක් සංස්කෘතිය තුලට දෝලනය වන ප්‍රමාණය තීරණය වේ. ඔහුගේ සාර්ථක අසාර්ථකභාවය මෙන්ම සතුට හෝ අසතුට රඳා පවතින්නේත් මේ සාධක මතම බව පෙනී යයි. මාගේ මේ නිගමනයට එලඹීමට අවශ්‍ය සාධක මා සොයා ගත්තේ ප්‍රංශ පෙම්වතා පොතේ පිටු අතර සැරී සැරීමෙනි. එයින් ගම්‍යවන නිගමනයන් වෙනත් අයෙකුට මීටවඩා වෙනස් වීමටද ඉඩ ඇත. කෙසේ නමුත්, මව් රටේ සිට වෙනස් රටකට සංක්‍රමණය වන පුද්ගලයෙකුට මුහුණ දීමට විය හැකි ඉරණම් ගනනාවක් පිළිබඳ ඉතා පැහැදිලි ආදර්ශයන් ගණනාවක්ම මේ පොත තුල සිටින චරිත මඟින් අපට හමු වේ. 



එම චරිත මුහුණ දෙන සිදුවීම් දෙස බැලීමෙන් ඇතැම් විට මහත් වූ කම්පනයකුත් ඇතැම් විට ඔවුන්ගේ ඉරණම පිළිබඳ ශෝකී හැඟීමකුත් ඇති වේ. කෙසේ නමුත් පිටරටකට යාම සියල්ලටම විසඳුමයයි සිතා සිටින සෑම කෙනෙක්ම මේ පොත කියවිය යුතුයයි මට සිතේ. 


Thursday, July 18, 2019

Road to the stars by Yruri Gagarin .....තරු මගට පිවිසුනෙමි (චූලානන්ද සමරනායක)



Who is Yuri Gagarin? In fact he is the first man to journey into the outer space. He is also a Russian pilot and a national hero in Russia. This is his story told by his own words. His life path was not an easy one. Yet he had the courage to achive his goals and to win the world. We all have something to learn from his story.

යූරි ගගාරින් කියන්නෙ කවු ද? කියල ඇහුවොත් අපි ගොඩක් අය ඒකට උත්තරේ දන්නවා. ඔහු තමා අභ්‍යවාකාශයට ගිය පලමු මිනිසා. (හඳට නොවේ.). හැබැයි යූරි ගගාරීන්ට වඩා අපි අතරෙ ජනප්‍රිය නීල් ආම්ස්ට්‍රෝංග්. මොකද ඔහු තමා පලමුවරට හඳ මත පා තබපු මිනිසා විදියට ඉතිහාසයට එක්වෙලා තියෙන්නෙ.

කොහොම උනත්, යූරි ගගාරින් කියන්නෙ නීල් ආම්ස්ට්‍රෝංග් තරමටම හෝ සමහර විට ඊටත් වැඩියෙන් මිනිසාගේ ගමන්මග වෙනස් කරපු කෙනෙක්. මොකද ඔහු තමා මුල්වරට ඔප්පු කරලා පෙන්නුවෙ මිනිසෙකුට අභ්‍යාවකාශය ජයගත හැකියි කියන එක.

මොහු රුසියානු ජාතිකයෙක්. ඒ වගේම අති දක්ෂ ගුවන් නියමුවෙක්. රුසියාවේ ජාතික වීරවරයෙක් වගේම ලෝකයම ආදරය කරන පුද්ගලයෙක්.ඒ වගේම මොහු වරක් ලංකාවටත් ඇවිත් තියෙනබව කියවෙනවා.



මම අද ඔයාලට ඉදිරිපත්කරන පොත ඔහු විසින් රචනාකරන ලද ඔහුගේ ස්වයං චරිතාප්‍රදානයේ සිංහල පරිවර්ථනය කිව්වොත් වඩාත් නිවරදි වෙනවා. කොහොම උනත් මේ පොතේ ඔහුගේ ජීවිතයේ සැඟවුනු එහෙම නැත්නම් කළු පැත්ත දක්වලා නැහැ. ඒක අඩු පාඩුවක්ම නෙමෙයි. හැබැයි මේ චරිතය ගැන මේ පොතේ තියෙන කරුණු පුද්ගලයෙකුට ලෝකය ජයගන්න පැහැදිලිවම ඉවහල් වෙන්න පුළුවන්. මම එහෙම කියන්නෙ මේ පොත කියවීමෙන් අපට, කැපවීම, අධිෂ්ඨානය හා මනා පුහුණුව තුලින් කෙනෙකුට කොච්චරනම් දුරක් යන්න පුළුවන්ද කියන එක මනාව ඔප්පුවෙන නිසා.

ඒ වගේම අපි ජනප්‍රිය පුද්ගලයෙක්ගේ ජීවිතය ගැන කියවන්න, දැනගන්න ආසාකරන කරුණු ගොඩකුත් මේ පොතේ අන්තර්ගතයි. අර රුසියාවයි, ඒකෙ විශිෂ්ඨත්වයයි ගැන කියවෙන හෑලි ටිකනම් කියවන්න ටිකක් බෝරිං. නමුත් අඩංගු අනිකුත් කරුණු එක්ක සංසන්දනය කරද්දි ඒ කොටසට 100%ක් සමාව දෙන්න අපට පුළුවන්.




Sunday, July 7, 2019

Steve Jobs (අපූරු මිනිහෙක්) by මහින්ද හත්තක




Steven Paul Jobs or Steve Jobs was the CEO and the Co-founder of Apple inc. Not only that, he  was also one of the leading investors in America. His life was short. But during his 56 years he was able to turn our world upside down. Studying his life is such an interesting exercise. 


This book is actually a hand book to start that exercise. It contains almost all known and unknown facts about the life of this great person. 




ස්ටීව් ජොබ් කිව්වහම අපිට මතක් වෙන්නෙ මොකක් ද ? ඇත්ත්ටම අපි ගොඩක් අයට මතක් වෙනවා ආ මේ අර ඇපල් කම්පියුටර් එක හදපු එක්කෙනානෙ වගේ ඇපල් සමාගමට සම්බන්ධ යම්කිසි දෙයක්. හැබැයි මේ අපූරු පුද්ගලයා ඒ තත්වයට ආවෙ කොහොම ද? මෙයා ඇත්තටම මොනවගේ කෙනෙක් ද? මෙයාගෙන් අපිට ගන්න පූළුවන් ආදර්ශ මොනව ද වගේ දේවල්වලට අපි ගොඩක් අයට පැහැදිලි පිළිතුරක් නෑ.

ඇත්තටම ඇයි අපිට මේ ස්ටීව් ජොබ් වගේ කෙනෙක්ගේ ජීවිත කතාව අධ්‍යයනය කිරීම වැදගත් වෙන්නෙ? මටනම් හිතෙන්නෙ ප්‍රධානම දේ තමා කොහොමද මේ පුද්ගලයාගෙන් නව නිපැයුම්කරුවෙක්, සාර්ථක ව්‍යවසායකයෙක් එහෙම නැත්නම් ලෝකයම ජයගන්න පුළුවන් පෞර්ෂයක් සහිත පුද්ගලයෙක් බිහිවුනේ කොහොමද කියන එක ගැන අපිට වටහාගන්න පුළුවන් වෙන එක.

අළුත් අළුත් දේ නොතනන ජාතිය ලොව නොනඟී කිය කිය හිටියට, අල්පෙනෙත්තක තරම් දෙයක්වත් හදාගන්න බැරිවෙලා කෙමෙන් කෙමෙන් වඳවී යන ජාතියක් වෙලා ඉන්න අපිට වැරදිලා තියෙන්නෙ කොතැන ද කොහොමද ඒකට පිළියම් යෙදිය යුත්තෙ වගේ දේවල් වලට උනත් සාර්ථක විසඳුම් සොයා ගන්න, පේටන්ට් බලපත්‍ර 200කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන මේ ජොබ්ස් මහත්මයාගේ චරිත කතාව ගැන ගැඹුරින් අධ්‍යයනය කරොත් අපිට පුළුවන් වෙනවා.

ඉතිං මේ අපූරු පුද්ගලයාගේ චරිත කතාව සිංහල භාෂාවෙන් අපිට ඉදිරිපත් කරන්නෙ මහින්ද හත්තක කියන ලේඛක මහතා. එතුමා ඉතාම සාර්ථකව හා මනා සංයමයකින් යුක්තව, හොඳ ගැලපීමක් සහිතව මේ පොත අපිට ඉදිරිපත්කරලා තියෙනවා.

චරිත කථා රස විඳින සිංහල පාඨකයන්ට කියවන්න මේ පොත ඉතාම උචිත පොතක් විදියට මම බය නැතුව නිර්දේශ කරනවා. එසේම මේ පොත කියවලා, ස්ටීව් මහතාගේ චරිතයෙන් යමක් උකහාගෙන තමන්ගෙ ජීවිතේ සාර්ථක කරගන්න ඔයාල හැමෝටම හැකියාව ලැබේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.


Monday, June 17, 2019

බලකොටු සහ නෞකා(Balakotu saha nauka) by භද්‍රජි මහින්ද ජයතිලක




Definitely one of the finest historic novels I have read. The author, Mr.Bhadraji Mahinda Jayathiaka has done a tremendous work by creating this amazing story. It also shows how creative and how dexterous he is. Obviously, he has a very good knowaldge about the hitory of our country, Sri Lnaka. But using that knowlade and putting it into a epic novel is a very difficult task. One ust need a very high level of imaginative  power to achieve it. 




බද්‍රජි මහින්ද ජයතිලක යනු දක්ෂ ශ්‍රී ලාංකිකයෙකි. මා එසේ පවසන්නේ එතුමාගේ දක්ෂතා එක් අංශයකින් පමනක් නොව අංශ ගනනාවක් ඔස්සේ විහිදී යන එකක් නිසාවෙනි. දැනට ඇමරිකාවේ වෙසෙන එතුමා දක්ෂ නවකතාකරුවෙකු, ගීත රචකයේකු මෙන්ම නළුවෙකු ලෙසද තවත් කලා ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේද තම දක්ෂතා ප්‍රකට කර ඇත. 




බලකොටු හා නෞකා යනු එතුමාගේ කතාන්දර කීමේ හැකියාව මනා ලෙස විදහා දක්වන ඓතිහාසික නවකථාවකි. මෙතෙක් මා කියවා ඇති විශිෂ්ටතම ඓතිහාසික නවකතාව මෙය නොවූවත්, මෙහි ඇති සරල බවට හා ඉදිරිපත්කර ඇති ආකාරයට මා බෙහෙවින් ඇලුම් කරමි. අප මෙතෙක් අසා ඇති ඓතිහාසික සිදුවීම් පෙලක් කතාන්දරයක ආකාරයට, මනා පෙලගැස්මකින් යුක්තව, ප්‍රබන්ධ චරිත කීපයක්ද ඇසුරින්, කියවන්නාගේ විශ්වාසය නොබිඳෙන ලෙසට ඉදිරිපත් කිරීමට මේ නවකතාව සමත් වී ඇත.




කතාන්දර ගොතා කීම යනු පුද්ගලයෙකු තුල කලාතුරකින් පිහිටන හැකියාවක් බව මගේ හැඟීමයි. එයිනුත් අන්‍යයන්ගේ සිත් ඇදගන්නාලෙසට කතාන්දර ගෙතිය හැක්කේ කිහිපදෙනෙකුටම පමණි. බද්‍රජි මහින්ද ජයතිලක මහතා දක්ෂයෙකු ලෙසට මා සලකන්නේ ඒ කුශලතාවය එතුමාතුල මනාව පිහිටා ඇතිබව එතුමාගේ කෘති මගින් මනාව ඔප්පුවන නිසාය. 




Wednesday, May 29, 2019

Story of a couragious boy...මළ බල්ලෙකු නිසා ජීවිතය උඩු යටිකුරු කරගත් කොල්ලෙකුගෙ කතා වස්තුව by Mark Haddon


This is the sinhala translation of "The Curious Incident of the Dog in the Night-Time", which was written by English writer, Mark Haddon in the year 2003. This story is narrated around a boy who is suffering from a rare desease called, Asperger syndrome, high-functioning autism, or savant syndrome.

One night, this boy find a mysteriously died dead dog and decides to investigate the dead. This investigation brings him not only about the dog killer but some mysterious of himself which were hidden from him by his father. Upon, these findings, the boy decided to go on journey to find his mother.

He is a super sensitive boy, due to his desease. Because of this condition he faces totally unexpected and adenturous situations. The question is can he do it? Can he win these situations and complet his mission? To find out the answer, you will have to read the book. 

I can guarantee that you will not be disappointed about reading the book. There are some boring pages but altogether, the book is brilliant and totally readable. The quality of the book is proven several times by several internationally recognized prises such as  Whitbread Book Awards for Best Novel and Book of the Year,the Commonwealth Writers' Prize for Best First Book සහ Guardian Children's Fiction Prize.



මහ රෑ හමු වූ අරුම පුදුම බලු විපත වනාහී, මාර්ක් හැඩොන් (Mark Haddon)මහතා විසින් රචිත, The Curious Incident of the Dog in the Night-Time යන කෘතියේ සිංහල පරිවර්ථනයයි. ඉංග්‍රීසි ජාතික ලේඛකයකු වන මාර්ක් හැඩොන් 2003 වසරේදී රචිත මෙම කෘතිය එතුමාගේ සාර්ථකම නිර්මාණය ලෙස ද සැලකේ. එම සාර්ථක බව නිසාම මෙම අපූරු කෘතිය සම්මාන කීපයකටද පාත්‍ර වී ඇත. ( Whitbread Book Awards for Best Novel and Book of the Year,the Commonwealth Writers' Prize for Best First Book සහ Guardian Children's Fiction Prize.).  එසේම මෙම කෘතිය ඇසුරු කරගෙන වේදිකා නාට්‍යයක් ද නිර්මාණය වී ඇති අතර, 2019 වසරේදී මෙම කෘතිය පාදක කොටගත් චිත්‍රපටයක්ද එලිදැක්වීමට නියමිතය.

මෙම අපූරු පොත සිංහලට පරිවර්ථනය කර ඇත්තේ පී.බී. ජයසේකර මහතා විසිනි. ඉතාම සංවේදී සහ සිතට දැනෙන කථාන්දරයක් ලෙසින් මෙය අපවෙතට ඉදිරිපත් කිරීමට ජයසේකර මහතා සමත්ව සිටී.

මෙහි මුල් කෘතිය, ලමුන්ට හා වැඩිහිටියන්ට ලෙසින් සංස්කරණ 2කින් සමන්විතබව කියවෙන අතර, සිංහලට පරිවර්ථනය වී ඇත්තේ වැඩිහිටි සංස්කරණය බව පොත කියවීමේදී පෙනීයයි. එනිසා, අවුරුදු 15ක ලමයෙකුගේ ජීවිතය වටා ගෙතී ඇතත්, මෙය ළමා පොතක් ලෙසින් හැඳින්වීමටනම් හැකියාවක් නැත.

කෙසේ නමුත්, ඔටිසම් නම් රෝගී තත්වයෙන් ( Asperger syndrome, high-functioning autism, or savant syndrome) පෙලෙන දරුවෙකු දරුවෙකුගේ ජීවිතයේ ඉතාම සංවේදී ඉසව්වක්, බල්ලෙකුගේ හදිසි හා අබිරහස් මරණයක් ඇසුරින් ගෙනහැර දැක්වීමට මෙහි කතුවරයා දක්වා ඇති හැකියාවනම් අති විශිෂ්ඨය. මෙම දරුවා ඔහුගේ රෝගී තත්වයේ ඇති බලපෑම නිසා මිනිස් සමාජයෙන් සැඟවී මෙන් ජීවත්වන, එම රෝගී තත්වයේ බල්පෑම නිසාම ඉතාම සුවිශේෂී හැකියාවන් සහිත දරුවෙකි. ඔහුට ඇති අසාමාන්‍ය හැකියාවන් අතර වඩාත්ම කැපී පෙනෙන්නේ ඔහුගේ ගණිත හැකියාවයි. එනිසාම ඔහුට ලැබී ඇති විශිෂ්ථ තර්කන හැකියාවන් උපයෝගී කරගනිමින් බල්ලාගේ අබිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ පවත්වන දරුවා, බල්ලාගේ මරණයේ අබිරහසට වඩා එහා ගිය, තම ජීවිතයේම මෙතෙක් ඔහු නොදැන සිටි අබිරහස් රැසක සුලමුල සොයා ගනී. ඒ අතරින් වඩාත්ම වැදගත් වන්නේ ඔහුගේ මව පිළිබඳ අබිරහසයි. එනිසාම සිය නිවස, ඔහු කිසිදා හැර නොගිය, හැරයාමක් පිළිබඳ සිහිනෙන්වත් නොසිතූ නිවස හැර යාමට ඔහු තීරණය කරයි. ඔහුගේ ඇති රෝගී තත්වය නිසාම, එම ගමන ඔහුට ගෙන දෙන්නේ අතිශය අනතුරු සහිත අත්දැකීම් සමූහයකි. කෙසේ නමුත් එම ගමන නිසා මෙතෙක් ගතකල ඔහුගේ ඉතා සාමකාමී ජීවිතය උඩු යටිකුරු ද වේ.

ඉහත ඉතාම කෙටියෙන් දක්වා ඇති මෙම කථාන්දරය ගලාගෙන යද්දී මෙහි එන දරුවාගැන මටනම් ඇතිවූයේ ඇතැම්විට දරාගත නොහැකිතරම් වූ අනුකම්පාවක් හා ආදරයකි. එනිසාය මා මෙය ඉතාම සංවේදී නවකතාවක් ලෙසට හැඳින්වූයේ. එලෙසම මෙම කෘතිය, අබිරහස් හා ත්‍රාශය කැටිකරගත් කෘතියක් ලෙසද හැඳිවීමේ වරදක් නැත. මේ සියල්ල කැටිකරගත් විට අපට ලැබෙන්නේ කලාතුරකින් පමණක් හමුවෙන මාදිලියේ කියවීමට ඉතාම සුදුසු, ඉතාම රසවත් පොතකි. මෙය කියවා රසවිඳ, ඔබගේ අදහස්ද සටහන් කරන මෙන් ඉල්ලා සිටිමින්, මම නවතිමි.ස්තූතියි!




Sunday, May 26, 2019

Mad & Madder sinhala translation...පිස්සු නැත්නම් ෂෝක්...by ගුණතිලක මැටියගනේ




This is the sinhala translation of "Mad & Madder : Tall Tales of a Fantastic Family" by the Indian author Shirshendu Mukhopadhyay. Definitely, this is an amzing book. The book describe of a big indian family which has very abnormal set of members. Obviously, they are also surrounded by a bunch of lunetics as well. From the very first page to the last, the story if full of hilarious events. 
The sinhala translator is unathilaka matiyagane and he had done a good job by tranlating this book without damaging the quality of the original. 



ගුණතිලක මැටියගනේ විසින් "පිස්සු නැත්නම් ෂෝක්" ලෙසට සිංහලට පරිවර්තනය කරන ලද Mad & madder මෙම අපූරු කෘතියේ මුල් කතුවරයා වන්නේ Shirshendu Mukhopadhyay නමැති ඉන්දියානු ජාතික ලෙඛකයා යි.

හාස්‍ය රසයෙන් පිරි මෙම කෘතියෙහි අඩංගු කතා පුවත ගෙතී ඇත්තේ එකම නිවසක වාසය කරන එක්තරා ඉන්දියානු පවුලක් වටාය. එම පවුල ඉතාම විශාල එකක් වන අතර එහි සාමාජිකයන්ට ඇත්තේ හාත්පසින්ම එකිනෙකාට වෙනස් වූ අරුම පුදුම ලක්ෂණයන්ය. එයටම සරිලන පිස්සුම පිස්සු කෙලින අසල්වාසීන් ගොන්නක්ද මෙම පවුල වටා සැරිසරති. කොටින්ම කියතොත්, ඔවුන්ගේ අසල්වාසීන් මෙන්ම, එම නිවසට පැමිණෙන අමුත්තන් හෝ රජයේ සේවකයන් පවා නොම්බර එකේ පිස්සෝම වෙති.

ජීවිතය විසින් ඔවුන් වෙතට ගෙනෙන  විවිධාකාර වූ ප්‍රශ්ණවලට   ඔවුන් දක්වන ප්‍රතිචාර විවිධ වන අතරම අප සිතට හාස්‍ය රසය නොඅඩුව ගෙන එන්නටද එම ප්‍රතිචාරවලට හැකියාව පවතී. මෙතරම්ම හාස්‍ය රසය ගෙනෙන රසවත් කෘතියක් මානම් කියෙව්වේ සෑහෙන කාලයකට පසුවය. විශේෂත්වය වන්නේ හාස්‍ය රසය නිපදවීමේදී කතුවරයා නොවැදගත් හා අප්‍රිය ජනක මෙන්ම පහත් පෙලේ  උපක්‍රමයන් මෙහිදී භාවිතා කර නොමැතිවීමයි. ඒ වෙනුවට ඉතාම විශිෂ්ඨ හා සංයමයකින් යුත් නමුත් හාස්‍ය රසය උපරිමයෙන් කැටිවූ ලේඛණ රටාවක් මෙම කෘතිය සඳහා යොදවාගෙන ඇත. කතුවරයාගේ එම ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම ජයගෙන ඇතිබව මාගේ හැඟීමයි. සිංහලට පරිවර්තනය කිරීමේදී ද එම ගුණාංගයන් නොනැසී පවත්වාගෙන යාමට ගුණතිලක මැටියගනේ මහතා සමත්ව ඇතිබවද නොවලහා කිව යුතුය.



Thursday, May 23, 2019

Maraka satana....මාරක සටන Sherlock Holmes's latest mystery....


Sherlock Holmes is the most famous detective in the world. Even tough he is a fictitious character, created by British author Sir Arthur Conan Doyle, he is as real as you and me for many people in the world. Sherlock Holmes is not just a detective, according to him he is a detective consaltant who goes after mysteries which are too difficult to solve for other detectives, specially in the police. 

This book also contains a story of a mystery solved by Sherlock holmes. This book is written in sinhala and in fact is a sinhala translation done by Mr. Chandana Mendis. Indeed it is a good story. Definitely a readable one. It contains almost all the qualities of a typical Sherlock Holmes book. 



ෂර්ලොක් හෝම්ස් යනු ලෝකය පුරාම විසිර සිටින රහස් පරීක්ෂක කථා රසිකයන්ගේ ප්‍රධානතම වීරයා යි. ෂර්ලොක් හෝම්ස් නම් වූ මේ අසහාය රහස් පරීක්ෂකවරයාව ලෝකයට හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමිවනුයේ ආතර් කොනොන් ඩොයිල් නම් වූ අසහාය ලේඛකයාටයි. එතුමා මෙම අසහාය රහස් පරීක්ෂකවරයා හඳුන්වාදෙමින් කලා ලෝකයට සිදුකල අමිල මෙහෙවර නිසාම නයිට් පදවියකින් ද පිදුම් ලැබීමට තරම් වාසනාවන්ත වී ඇත. 

කොනන් ඩොයිල් මහතා නිර්මාණය කල රහස් පරීක්ෂක ෂර්ලොක් හොම්ස්, වෙනත් නිර්මිත රහස් පරීක්ෂකයන්ගෙන් වෙනස් වන්නේ හා රසික හදවත්හි සදානුස්මරණීය ලෙසට තැන්පත් වන්නට සමත් වන්නේ, ඔහු විසින් එම පරීක්ෂණයන් මෙහෙයවීමට භාවිතා කරන අතිශය සියුම් හා අතිශය තර්කානිකූල වූ සුවිශිෂ්ට ක්‍රමයන් නිසාය. එවැනි ක්‍රමෝපායන් තබා ඒ අසලටවත් ලඟාවියහැකි ක්‍රමෝපායන් භාවිතාකරන රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කිරීමට එතෙක් මෙතෙක් කිසිදු රහස් පරීක්ෂක කථා රචකයෙකු අසමත්ව සිටින බව ඉඳුරාම පැවසිය හැක. 

එවන් අසහාය රහස් පරීක්ෂක චරිතයක් නිර්මාණය කල, සර් ආතර් කොනොන් ඩොයිල් ගේ ෂර්ලොක් හෝම්ස් කථා සියල්ල පිලිවෙලකට හා ඉතාම ඉහලින් රස විඳිය හැකි ලෙසට අපට, එනම් ශ්‍රී ලාංකික පාඨකයන්ට හඳුන්වාදීමේ ගෞරවය නිතැතින්ම හිමි වන්නේ චන්දන මෙන්ඩිස් මහතාටය.   

විකිපීඩියාවට අනුව (https://en.wikipedia.org/wiki/Sherlock_Holmes) ආතර් කොනොන් ඩොයිල් මහතා ෂර්ලොක් හෝම්ස් චරිතය මූලික කොටගෙන දීර්ඝ නවකතා 4ක් හා කෙටි කථා එකතූන් 5ක් නිර්මාණය කර ඇත. නමුත් අපේ චන්දන මෙන්ඩිස් මහතා අප වෙත එම ප්‍රමාණය ඉක්මවූ ෂර්ලොක් හෝම්ස් කතා ප්‍රමාණයක් වෙත ඉදිරිපත්කර ඇත. මා ඒ පොත් සියල්ලම කියවා ඇතිබව මාගේ හැඟීමයි. ඒවායින් බොහොමයක් බොහෝදුරට, ෂර්ලොක් හෝම්ස් චරිතය සතු සියුම් බව, තර්කන හැකියාව නොනසා පවත්වාගෙන ඇතිබවක් ද පෙනී යයි. මෙම කතා චන්දන මෙන්ඩිස් මහතාට ලැබුනේ කෙසේ ද කියා හෝ ඒවා ඇත්ත වශයෙන්ම කොනොන් ඩොයිල් මහතාගේම නිර්මාණ දැයි මම නොදනිමි. කෙසේ නමුත් මා සිතන්නේ ඒවා ෂර්ලොක් හෝම්ස් මුල් කෘතීන් ඇසුරු කොට ගනිමින් වෙනත් කතුවරුන් විසින් සිදුකල නිර්මාණ බවයි.

චන්දන මෙන්ඩිස් මහතා අප වෙත ඉදිරිපත් කරන "මාරක සටන" එනම් මේ පොත මා කිය වූ අළුත්ම ෂර්ලොක් හෝම්ස් පොතයි. මෙය ඉතාම සාර්ථක ෂර්ලොක් හෝම්ස් කථාවක් නොවුනත්, තරම්ක් දුරට කුතුහලය රඳවාගැනීමට සමත්, එක දිගට කියවමින් රසවිඳිය හැකි මට්ටමේ පවතින කෘතියක් බව මාගේ හැඟීමයි. මෙහිදී අපට "බැස්කර්විල් දඩ බල්ලා" කථාවේ එන "මේපල්ටන්" නමැති දුෂ්ඨයා නැවත හමුවන අතර, කථාව ද යම්තාක් දුරකට, බැස්කර්විල් දඩ බල්ලා කතාවට සමානකම් දක්වයි. කෙසේ නමුත් බැස්කර්විල් දඩ බල්ලා කථාවේ ඇති අති විශිෂ්ඨ රහස් පරීක්ෂක ගතිය මෙහි නොමැතිබව මට හැඟේ. විශේෂයෙන් කතාවේ පසු බාගයේදී තරමක් දිරට දියාරු වී ගිය ස්වරූපයක් මට දැනුනි. කෙසේ නමුත්, මෙය ඉතාම දුර්වල කථාවක් නම් නොවන වගද පැවසිය යුතුමය. ෂර්ලොක් හෝම්ස් කතා එලි දක්වන තෙක් දෑස් දල්වා බලා සිටින මා වැනි රසිකයන්ටනම් මෙය වනාහි ඉඩෝරයට වට වැස්සක් මෙන් සිතට සිසිලස හා සුවය ගෙනදෙන නිර්මාණයකි. 



  

Thursday, May 16, 2019

King arthur & his Knights of the round table.....දෛවයේ අසිපත..By Kumara siriwardhana....





This book contains a collection of stories about the legandry King Arthur and his brave set of Knights. Actually this is a sinhala translation. The author of this book is Mr. Kumara Siriwardhana. He is one of the most famous writers in Sri Lanka. 

This is definitely a very well written book. Some stories are a little boring but that does not change the fact that this is a readable book. Almost all the charactors in here are very famous but legendry charactors. This book will help you to understand their destinies in the legendry world. 

මේ පොතේ  නම් දෛවයේ අසිපතයි. ඒ ගැන යමක් පවසන්නට පෙර මා කැමතියි ආතර් රජු හා ඔහුගේ වට මේසයේ නයිට්වරුන් (King arthur and his knights of the round table) ගැන යමක් පවසන්නට. 

මේ කියන ආතර් රජු ඇත්ත කෙනෙක් ද? ඒක තමා මේ පොත කියවද්දි මගෙ හිතට ආපු පලවෙනි ප්‍රශ්ණෙ. මම හොයා ගත්ත කරුණුවලට අනුව පෙනී යන්නෙ මොහු අතීතයේ ජීවත්වෙලා හිටපු යම්කිසි යුධ නායකයෙකු හෝ කිහිප දෙනෙකු මුල්කරගෙන මිනිසුන් විසින් ගොඩ නඟපු කල්පිත චරිතයක් කියන එක. ඒ වගේම තමා මේ නයිට්වරුනුත්. මේ කියවෙන චරිතත් ගොඩ නැගෙන්න මුල් වෙච්චි යම් යම් චරිත ඈත අතීතයේදී ජීවත්ව ඉන්න ඇති; නමුත් ඒවා ගැන හරියටම කියවෙන මූලාශ්‍රයක් මේ වෙනකොට ඉතිරිවෙලා නෑ.ඉතිරිවෙලා තියෙන්නෙ මේ චරිතවටා ගොඩ නැගිච්චි ප්‍රබන්ධ කථා මහත් රාශියක් විතරයි.      

ඇත්තටම මේ ආතර් රජුත් ඔහුගේ නයිට්වරුනුත් වටා ගොඩනැගිල තියෙන විවිධාකාර වීර කථා කියලා ඉවරකරන්න බැරිතරම් මහ ගොඩක් තියෙනබව පෙනී යනවා. ඈත අතීතයේ හිටපු කථා ගොතන්නන්ට අමතරම මෑත කාලයේ හිටපු හා දැනටත් ඉන්න කථාන්දර කියන්නොත් මේ අපූරු චරිත තමන්ගෙ ප්‍රබන්ධ වලට මනාව ගලපාගන්න බවක් පෙනී යනවා.  

අපි අද මේ කථා කරන දෛවයේ අසිපත කෘතියට මූලිකවෙලා තියෙන්නෙත් මෙන්න මේ කියන ආතර් රජු හා ඔහුගේ සූර වීර සෙන්පතිවරුනුත් ගැන කියවෙලා තියෙන ප්‍රබන්ධ ගනනාවක එකතුවක්. මේ කෘතියේ රචකයාවන කුමාර සිරිවර්ධන මහත්මයා මේ කියන ප්‍රබන්ධ ආතර් රජුගේ අවසානය දක්වාම මනාව පෙලගස්වා තිබෙනවා. එහිදී ඔහු දායක කරගත් මූලාශ්‍ර පිලිබඳවත් සඳහන් කරන්න ඔහු අමතක කරලා නැහැ.

කොහොම උනත් මේ කෘතිය ත්‍රාශය, භීතිය, ශෘංගාරය වගේම කුතුහලයත් කැටිකරගත්තු කියවන්න සුදුසු පොතක් විදියට පෙනී යනවා. සමහර කතානම් රසයෙන් තරමක් අඩුයි වගේම කියවන්න ටිකක් කම්මැලියි; නමුත් සමස්තයක් විදියට පොත කියවීමේ රසය විඳගන්න ඒකෙන් ලොකු බාධාවක් එල්ල වෙන්නෙ නෑ. 

මේ කෘතියේ අඩංගු කතා මුල්කරගෙන නිපදවෙච්චි රූපවාහිනී මාලා නාටකයකුත් විකාශනය වෙච්චිබව මේ කෘතියේ සටහන් වෙනවා. ඒකනම් මම බලලා නෑ. ඒක බලපු අයට මේ පොත තවත් රසවත් වේවි කියලා මම හිතනවා.








Sunday, May 12, 2019

A Fall of Moondust ....චන්ද්‍ර ගවේශකයෝ by Arhtur c. Clarke

This is the sinhala translation of "A fall of moondust"-a Hard science fiction- written by Sir Arthur Charles Clarke in the year 1961. It was written even before the first man on the moon. The book is basically about a group of men from earth who are on the moon to explore its seas. Their ship meet an unexpected accident and because f it they stuck in the lunar sea. This sea is filled with not water but dust. They only have few days left untill someone comes to rescue them.

 It was and still is one of the most popular science fictions in the market. The book is beautifully written and also is one of the most adventures and action packed thrillers in the world of science fictions. 




චන්ද්‍ර ගවේශකයෝ යනු තත්සරණී බුලත්සිංහල මහත්මිය විසින් පරිවර්ථනය කල ආතර් සී. ක්ලාර්ක් මහතා විසින් 1961 වර්ශයේදී රචනාකරන ලද "A fall of moondust" නම් කෘතියේ සිංහල පරිවර්ථනය යි. මෙම කෘතිය "Hard science fiction"  නම් කුලකයට අයත්වන ඉතාම විශිෂ්ථ ගණයේ විද්‍යා ප්‍රබන්ධයක් ලෙසට සරලව හඳුන්වාදිය හැක. මෙහි සාක්ච්ඡා වන ඇතැම් විද්‍යාත්මක සංකල්පයන් පසුකාලීනව මිත්‍යාවන් බවට ඔප්පු වී ඇතත්, එමඟින් මෙම කෘතිය රස විඳීමට කිසිදු බාධාවක් ඇති නොවන බවද පැහැදිලිවම කිව යුතුය. ඇත්තෙන්ම මෙම කෘතිය රචනා වී ඇත්තේ ප්‍රථම මිනිසා සඳ මත පා තැබීමටත් පෙරය. එනිසාම මෙහි දැක්වෙන ඇතැම් විද්‍යාත්මක සංකල්පයන් සඳ ඈත සිට නිරීක්ෂණයෙන් ලබාගත් දැනුම මත පමණක් පදනම් වී ඇත. 

කෙසේ නමුත් ඒ කිසිදු කාරණාවක් මෙම කෘතිය රස විඳීමට අපට බාධාවක් ඇති නොකරයි.  කෘතිය සිංහලට පරිවර්ථනය කිරීමද ඉතාම සාර්ථකව සිදු වී ඇති බව පෙනී යයි. පරිවර්ථනය කිරීමේදී එහි මුල් කෘතියේ ඇති රසය අඩු නොකොට අප හට ලබා දීමට පරිවර්තිකාව ඉහලින්ම සමත් වී ඇතිබව මගේ හැඟීමයි.  

ඇතැම් තැන්හි ගැඹුරු විද්‍යාත්මක මූලධර්ම විග්‍රහයන් ඇතත්, මෙම පොත එක හුස්මට කියාවාගෙන යාහැකි සුපිරි පොතක් බව පැහැදිලිවම සඳහන් කල හැක. විද්‍යාත්මක මූලධර්මයන් උව ද ඉදිරිපත්කරන්නේ පාඨක මනස වෙහෙස කරවීමකින් තොරව සාමාන්‍ය බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට හැකි අයුරකිනි. එය ආතර් සී. ක්ලාර්ක් මහතාගේ බොහෝ පොත්වල දැකිය හැකි ල්ක්ෂණයක් වන අතර එය නොනැසී පවත්වාගෙන යාමට පරිවර්තිකාවද මැනවින් සමත්ව ඇත.

Saturday, May 11, 2019

Rasakatha ...රසකතා.. by Jayakody senewirathna..






ජයකොඩි සෙනෙවිරත්න යනු මා ඉතා ප්‍රිය කරන ලේඛකයෙකි. මෙය ද එතුමාගේ ලේඛණ හැකියාව මනාව විදහා පාන තවත් පොතකි. මේ පොත එතුමාගේ මා මෙතෙක් කියාවා ඇති වෙනත් කෘතීන්ගෙන් තරමක් වෙනස් මගක් ගන්නා කෘතියකි. ඒ මෙය කතා ගොන්නක එකතුවක් ලෙසට පලකර තිබීම නිසාය. ඒ සෑම කතාවක්ම එකිනෙකට නොදෙවෙනි තරම් රසවත් භාවයෙන් ද යුක්තය. සෑම කතාවක්ම එකිනෙකට වෙනස් ඒවා වන අතර එසේ විවිධ මාතෘකා ඔස්සේ නමුත් රසවත් භාවයෙන් අඩුවක් නොමැතිව කතා රාශියක් ලිවීම මහත් දක්ෂතාවයක් ලෙස ද මම දකිමි. එසේම මෙම රසකතා හුදු විනෝදයෙන් ඔබ්බට ගොස් යම් වැදගත් පණිවිඩයක් ද සමාජයට දායාද කරයි. මා මේ පොත කිසිදු පැකිලීමකින් තොරවම ඕනෑම අයෙකුට කියවීමට නිර්දේශ කරන්නේ එබැවිනි.

This book is written by one of the most popular sri lankan authors, Mr. Jayakody Senewirathna. This book contains several stories and each are equally interesting. Mostly, these stories are funny and humorous; yet they also delivers some important masges to the socity as well. I really like this book and fefinitely recomend as well. 



Tuesday, May 7, 2019

Ikaras punaragamanaya..ඉකරස් පුණරාගමනය




ඉකරස් පුනරාගමනය පොත පිළිබඳ කෙටියෙන්ම කියනවානම් කීමට ඇත්තේ මෙය මා එතෙක් මෙතෙක් කියවා ඇති ඉතාම නීරස පොත් වලින් එකක් බවයි. එය කෙතරම් නීරසද යත් මා කීපවරක් උත්සාහ දැරුවත්, මෙම පොත සම්පූර්ණයෙන්ම කියවා නිම කිරීමටවත් මට සිත එකඟ කරවා ගැනීමට නොහැකි විය. කියවීමට ගත් පොතක්, මා විසින් මෙලෙස අතරමඟදී බැහර කර දැමූයේ සෑහෙන කාලයකට පසුවය. සමහර විට ඉකරස් පුණරාගමනය කියවා තේරුම් ගැනීමට තරම් මා උගතෙකු හෝ බුද්ධිමතෙකු නොවනවා විය හැක.  එනිසාම මා ඔබට යෝජනා කරන්නේ මේ  පොත කියවාම  එහි ගුණාගුණ පිළිබඳව නිගමනයකට පැමිණීම වඩාත් සුදුසු බවයි. 

කෙසේ නමුත්, විද්‍යා ප්‍රබන්ධයක් වන මේ කෘතිය නිර්මාණය කිරීමට ගත් උත්සාහය පිළිබඳව මම මාගේ හදපිරි ගෞරවය මෙහි කතුවරයාට පිරිනැමීමට කැමැත්තෙමි. ඒ සිංහල නවකතා සාහිත්‍යය තුල ස්වතන්ත්‍ර නිර්මාණලෙසට බිහි වී ඇති විද්‍යා ප්‍රබන්ධ කෘතීන් සංඛයාව ඉතා අල්ප බැවිණි. එම අඩුව පිර වීමට මෙහි කතුවරයා ගෙන ඇති උත්සාහය මා ඉතා ඉහලින් අගය කරමි.  එසේම, මෙම කෘතියේ කතුතුමාට තවතවත් විද්‍යා ප්‍රබන්ධ කෘතීන් රචනා කිරීමට අවැසි ශක්තිය හා ධෛර්යය ලැබේවායයි කියා ද මම පතමි. 

"Ikaras punaraagamanaya" is a scince fiction, written by Susitha Ruwan. Generally, this is a very boring book to read. In fact, I was unable to finish reading this book not only once but several more times. 




Thursday, May 2, 2019

thagi labeyi....තෑගි ලැබෙයි...



මෙම නව කථාව පිළිබඳ මා වැඩියෙන්ම කැමති අංගය වන්නේ එය යොවුන් නව කතාවක් වීමයි. සිංහල සාහිත්‍යයේ යෞවනයන් සඳහා ලියවුණු නවකථා දුලභ වීම එයට හේතුවයි. එසේම මෙය සිත් ගන්නා භාෂා විලාශයකින් හා එකදිගට කියවාගෙන යාමට හැකි ලෙසට සරලව රචනා කිරීමට කතුවරයා සමත්වී ඇති බව ද සඳහන් කල යුතුය. කෙසේ නමුත් මෙහි අඩංගු කථාවනම් මාගේ සිත් ගැනීමට එතරම් සමත් නොවූ බව කණගාටුවෙන් නමුදු සඳහන් කල යුතුය. එයට හේතුව මා නව යෞවනයෙකු නොවීමත් යම් ආකාරයකට හේතු විය හැක. කෙසේ නමුත් මෙහි එන කථා පුවත් විස්වාශ කිරීම මටනම් තරමක් අපහසු විය. විශේෂයෙන් මෙම කථාවේ එන කථා නායකයාට මුදල් ගලාගෙන එන ආකාරය අරුම පුදුම සහගත වන අතර එය මේ රටේ නම් කිසිසේත්ම සිදු වීමට ඉඩ නොමැති අභව්‍ය සිදු වීමක් බව මට සිතේ. මා නව යොවුන් වියේදී කියවා ඇති නෙල්ලි කැලේ වීරයෝ වැනි නවකථා හා සැසඳීමේදී මෙම නව කතාව එතරම්ම විශිෂ්ථ තත්වයකට වර්ධනය වී නැතැයි මගේ සිත කියයි.        


"Thagi labeyi" is a teen novel wriiten by "Gunarathna Ekanayaka". It is good book but not an excellent one. The content is readable and there is a good flaw; but on the other hand, the story is somwhat unreliable from my point of view. 

Thursday, April 18, 2019

රේඩියෝ මතක...radio mathaka


මම කියවපු පොත් අතර තියෙන රසවත්ම පොතක් විදියට මේ පොත හඳුන්වලා දෙන්න මම කැමතියි. ගුවන් විදුලිය ගැන, ඒකෙ ඉතිහාසය ගැන වගේම ඒකෙ විකාශනය ගැන හරිම රසවත් තොරතුරු මේ පොතේ ඇතුලත් වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගුවන් විදුලිය හොල්ලගෙන හිටපු පතාක යෝධයො ගැනත් ගොඩක් රසවත් විත්ති මේ පොතේ ඇතුලත් වෙලා තියෙනවා. සමහර පොත් තියෙනවානෙ කියවන්න පටන් ගත්තහම ඉවර වෙනකම් නවත්වන්න හිතෙන්නෙ නැති; මේකත් අන්න ඒ වගේ හරිම රසවත් පොතක්. ඒ වගේම මේ අපූරු පොත මුද්‍රණය කරල තියෙන්නෙ ගුණාත්මක බවෙන් ඉතාම ඉහල කඩදාසි වර්ගයක්. ඒකත් කියන්නම ඕනෙ. මොකද අද කාලෙ සමහර පොත් කියවද්දිම කැඩිල යනවා. මේ පොත එහෙම නෙමෙයි. අර පිටරට සමහර සඟරා වර්ග මුද්‍රණය කරන ගුණාත්මක බවින් ඉහලම කඩදාසියක තමා මේ පොත මුද්‍රණය කරලා තියෙන්නෙ. කියවලා නැත්නම් අනිවා කියවන්න කියලා බය නැතුව නිර්දේශ කරන්න පුළුවන් පොතක් තමා මේක.

This is one of my most favorite books. Radio mathaka is not a novel. It is more like a autobiogrphy. But there is more. There is also some interesting facts about the radio ceylon itself and radio ceylon's most famous most skilled communicators.